දුහුල් මිදුම් වලා අතරින්
හරිත වන් සේලය දරා
ටෙබරෝස, අරලිය මල් වියන් යට හිද
සිනැහුනේ
නුඹයි අපෙ විදු මවුන් . . .
ටෙබරෝස, අරලිය මල් වියන් යට හිද
සිනැහුනේ
නුඹයි අපෙ විදු මවුන් . . .
සිව් දෙසින් පමිණි වුන්
හොවාලා උකුල මත
සැමදෙනට එක ලෙසින්
සැලකුවේ
නුඹයි අපෙ විදු මවුන් . . .
හොවාලා උකුල මත
සැමදෙනට එක ලෙසින්
සැලකුවේ
නුඹයි අපෙ විදු මවුන් . . .
සකල විද ශිල්පයන්
පොවලා අප සැමට
ගොඩනගා අපෙ දිවිය
සැරසුවේ
නුඹයි අපෙ විදු මවුන් . . .
පොවලා අප සැමට
ගොඩනගා අපෙ දිවිය
සැරසුවේ
නුඹයි අපෙ විදු මවුන් . . .
නොනැවතී ඉදිරියට
නිවැරදිම මග දිගේ
ජිවිතය තරනය කරන්නට
කියාදුන්
නුඹයි අපෙ විදු මවුන් . . .
නිවැරදිම මග දිගේ
ජිවිතය තරනය කරන්නට
කියාදුන්
නුඹයි අපෙ විදු මවුන් . . .
පෙර කල පිනෙන් අප
ලැබුවේ ඔබ වන් මවක් දිවියට
අදමෙන් හෙටදිනෙත්
වැජබේවා
මවුනි නුගවෙල මදි මහ . . . .
ලැබුවේ ඔබ වන් මවක් දිවියට
අදමෙන් හෙටදිනෙත්
වැජබේවා
මවුනි නුගවෙල මදි මහ . . . .

No comments:
Post a Comment