Friday, January 25, 2019

එදා මෙන් අදත්

උණුසුමේ වෙලෙන්නට
සෙනහසේ සුව විදින්නට
ආසයි ඔබ ලගට විත්
එදා මෙන් අදත්

ඔඩොක්කුවේ නැලවෙන්න
උරහිසේ නැගයන්න
ආසයි විදගන්න
එදා මෙන් අදත්

සෙනෙහසින් ලගටගෙන
කියාදෙන ලොවේතතු
ආසයි අහගන්න
එදා මෙන් අදත්

චුටි පුතු ලන්කරන්
මට මෙන් ඔහුටත්
පානවිට සෙනෙහස
ආසයි යන්නට එදවසට

එදා මෙන් අදත් . . .


ඩ්.කලන්සුරිය

No comments:

Post a Comment

උදා කල හිරු කිරණ මෙන් එලිය දුන් නුඹ සදෑ කල හිරු කිරණ මෙන් සැගව ගොස් ඇත ඉතිරි කර අමාවක ...